​දූෂකයා‌ගේ නිවසේ තිබී ජීව අත් බෝම්බයක්!

Report

ගල්නෑව පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (14) පෙරවරුවේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු පදිංචිව සිටි ගල්නෑව නිවස පරීක්ෂා කිරීමේදී ඔහුගේ නිවසේ තිබී ජීව අත්බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් වාර්තාව මැතිසබයට

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් වාර්තාව මැතිසබයට

අදාළ වෛද්‍යවරියගේ නැති වූ දුරකථනය සෙවීම සඳහා සිදුකළ වැටලීමේදී මෙම ජීව අත්බෝම්බය හමුව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (13) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී පැය 48ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වී ඇති බව වාර්තා වේ.