ශිෂ්ණ ආශ්‍රිත පිළිකාවල ශීඝ්‍ර වර්ධනයක් - පිරිමි පාර්ශ්වයේ අවධානයට

By Parami Dissanayake Jun 22, 2024 02:00 PM GMT
Report

ශිෂ්ණ ආශ්‍රිත පිළිකා වාර්තා වීම දුර්ලභ කරුණක් වුව ද, එම පිළිකාව හේතුවෙන් සිදුවන මරණ අනුපාතය වැඩි වෙමින් පවතීන අතර, බ්‍රසීලයේ පිරිමින් 100,000කට 2.1ක අනුපාතයකින් ශිෂ්ණ පිළිකා වාර්තා වන බව නවතම අධ්‍යයනයන් පෙන්වා දී ඇත.

බ්‍රසීලයේ 2012 සිට 2022 දක්වා කාලය තුළ රෝගීන් 21,000ක් වාර්තා වී ඇති බවත්, මරණ 4,000 ඉක්ම වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, පසුගිය දශකය තුළ බ්‍රසීලයේ පිරිමින්ගේ ශිෂ්ණ 6,500 කට වඩා වැඩි ප්‍රමාණයක් කපා ඉවත් කර ඇති බව ද බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ජනපති රනිල් විසින් අද මඩකලපුවේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කෙරේ...

ජනපති රනිල් විසින් අද මඩකලපුවේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කෙරේ...

එමෙන්ම, බ්‍රසීලයේ දුප්පත්ම ප්‍රාන්තය වන මරන්හාඕ ප්‍රාන්තයෙන් වැඩි වශයෙන් පිළිකා රෝගීන් වාර්තා වන අතර, එහි පිරිමින් 100,000කට 6.1ක අනුපාතයක් ලෙස ඉහළම ශිෂ්ණ ආශ්‍රිත පිළිකා රෝගීන් වාර්තා වී තිබෙනවා.

ශිෂ්ණ පිළිකාව කලින් හඳුනාගත් විට, එය ශල්‍යකර්මයෙන් ඉවත් කිරීම, විකිරණ ප්‍රතිකාර සහ රසායනික චිකිත්සාව වැනි ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත් කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව සඳහන් ය.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ, එලෙස ප්‍රතිකාර නොකළහොත් ශිෂ්ණය හෝ වෘෂණ කෝෂ වැනි අවට ඉන්ද්‍රියයන් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් කපා දැමීමට පවා සිදු වන බවයි.