අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර දීමනා එක්ක තවත් වටිනා තෑග්ගක්..

Report

අද (16) දින, ජනාධිපති අරමුදල මගින් දැයේ පාසැල් දරුවන් සඳහා ලබා දෙන ශිෂ්‍යාධාර වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිසු දරුදැරියන් 4000ක් වෙත ශිෂ්‍යාධාර දීමනා සහ පාසල් පොත් සහිත බෑග ලබා දීම සිදු කෙරුණේ ය.

අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර දීමනා එක්ක තවත් වටිනා තෑග්ගක්.. | Ranjith Siyambalapitiya Announsemnt

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ඒ මහතා සඳහන් කළේ ජනාධිපති අරමුදල මගින් හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරුදැරියන් 1,16000 ක් සඳහා ශිෂ්‍යාධාර ලබා දිමට වත්මන් රජය කටයුතු කරනු ලබන බවයි.

එමෙන්ම, අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන මෙම ආයෝජනය රටේ ඉදිරි ගමන පිළිබඳ වන සාධනීය සාධකයක් බව  අමාත්‍යවරයා පැවසීය.

රජයෙන් ලබා දෙන දීමනාවක් හිතාගන්නවත් බැරි ගාණකින් ඉහළට..

රජයෙන් ලබා දෙන දීමනාවක් හිතාගන්නවත් බැරි ගාණකින් ඉහළට..


තව ද, විනිවිදභාවයෙන් හා ඉතා සාධාරණ ක්‍රමවේද අනුගමනය කරමින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව 116000ක් ලබාදීමට හැකිවීම අභිමානවත් කරුණක් බව ඒ මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වත්මන් රජය මේ අයුරින් දැයේ දරුදැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමට සහාය ලබාදෙමින් ඇති කරමින් සිටින වෙනස ඉතා සුබවාදී බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.