කොලඹ පුරපතිකම ගැන උදම් අනන රංජිත්
මේ දිනවල සියලුම පක්ෂ දත කන්නේ කොළඹ නගර සභාවේ පුරපතිකම ගන්න.ඒ වෙනුවෙන් වැඩිපුරම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ සමගි ජන බලවේගය. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහත්මයා මාධ්‍යවේදියෙක් සමග මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර ගන්නවා.
ඉතින් ඔහු සහමාත වේදි අතර ඇති වූ සංවාදය පහතින් දක්වා තිබේ.
"මාධ්‍යය ; " ආණ්ඩුව කියනවා එයාලා කොළඹ නගර සභාවේ බලය පිහිටවන කියලා."
රංජිත් ; " එහෙම කොහොමද . එයාලා බලය පිහිටවන්නේ ?. එයාලට ඉන්නේ 48යි නේ...."
මාධ්‍යය ; " ඉතිං ඔබතුමාලට කීයක් ඉන්නවා ද ?."
රංජිත් ; " අපිට 29ක් ඉන්නවා." මාධ්‍යය ; " ඉතිං ආණ්ඩුවට ඔයාලට වඩා ඉන්නවානේ..!"
රංජිත් ; " අපි විපක්ෂය, විපක්ෂයට තමයි බහුතර තියෙන්නේ. ආණ්ඩුව බලය පිහිටවනවා නම් ඒක ප්‍රජාත්‍රන්ත විරෝධියි. "
මාධ්‍යය ; " විපක්ෂයෙන් නගරාධි අපේක්ෂකයා කවුද ?.
රංජිත් ; " එයා අනිවාර්යෙන් අපේ සජබ පක්ෂයේ කෙනෙක්..."
මාධ්‍යය ; " ඉතිං විපක්ෂයේ 69න් ඔබතුමාලට ඉන්නේ 29යි නේ.. විපක්ෂයේ අනෙක් අයට 40ක් තියනවා නේ... සජබට විපක්ෂයේ බහුතර නෑ නේ..!
" රංජිත් ; " ඒ උනාට විපක්ෂයේ වැඩිම කණ්ඩායම (29ක් ) ඉන්නේ අපේ පක්ෂයට නේ.. ඒ හින්ද අපේ පක්ෂයෙන් තමයි අනිවාර්යෙන් නගරාධීපති පත් කරන්නේ. විපක්ෂයේ වෙන කෙනෙකුට අවස්ථාව දෙන්නෙ නෑ..."
මාධ්‍යය ; " ඉතිං ඒකත් ප්‍රජාත්‍රන්ත විරෝධී නේ ?.... ඔබතුමාලටත් විපක්ෂයේ බහුතරය නෑනේ..?. ඒකත් හරියට නගර සභාවේ බහුතරය ආණ්ඩුවට නෑ වගේ ඔයාලටත් විපක්ෂයේ බහුතරය නෑ නේ...?. එහකොට ඒක ප්‍රජාත්‍රන්ත විරෝධී නැද්ද ?..."
රංජිත් ; " අපි සජබ උනාට අපේ පක්ෂය තමයි වි පක්ෂය. වි පක්ෂයට තමයි නගර සභාවේ බහුතරය හිමි. ඒ නිසා අපි අපේ වි පක්ෂය නැමති සජබෙන් නගරාධිපති අපේක්ෂකයෙක් තරඟයට නම් කරනවා.
ඔන්න ඔය විදිහට තමයි ඒ සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වලා තිබුණේ.
