රන්ජන්ගෙන් ලැප්ටොප් දන්සලක්.- පැවැත්වෙන දිනය සහ ස්ථානය මෙන්න.
By Wayomi
ජනප්‍රිය නළුවකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පදනම අවශ්‍යතා ඇති සිසුන්ට නොමිලේ ලැප්ටොප් පරිගණක බෙදාදීමේ වැඩසටහනක් පවත්වන බවට ප්‍රකාශ තිබෙනවා.
ඒ අනුව, අඟහරුවාදා (ජූලි 23) පෙරවරු 09.30 සිට පස්වරු 01.00 දක්වා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි ලෝටස් ශාලාවේදී මෙම ලැප්ටොප් පරිගණක බෙදාහැරීමට නියමිතයි.
ඒ, සඳහා ලැප්ටොප් අවශ්‍ය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ට තම ඉල්ලීම් WhatsApp හරහා 077 362 4927 අංකයට යොමුකරන ලෙස දැනුම් දී ඇත.
2023 වසරේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් ව්‍යාපාරිකයන් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගයෙන් මෙවැනිම ලැප්ටොප් පරිත්‍යාග වැඩසටහනක් පවත්වනු ලැබූ අතර එවර ලැප්ටොප් පරිගණක 200 කට ආසන්න සංඛ්‍යාවක් පරිත්‍යාග කිරීමට ඔහුට හැකි වී තිබෙනවා.

