රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න බැරි නම් වෙන් කළ මුදල්වලට මොකද වුණේ?.

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Government Of Sri Lanka Latest Headlines AKD
By krishani Oct 23, 2024 10:56 AM GMT
krishani

krishani

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බවයි.

මාලිමා ආණ්ඩුවෙන්, බදු සහන හිමි වෙන අලුත්ම පිරිස මෙන්න..

මාලිමා ආණ්ඩුවෙන්, බදු සහන හිමි වෙන අලුත්ම පිරිස මෙන්න..


ඒ මහතා මේ බව සඳහන් කළේ අද (23) වෘත්තීය සමිති සංගම් නියෝජිත හමුවකදී ය.

තමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා නම් ලබන ජනවාරියේ සිට අදාළ වැටුප් වැඩිවීම ලබාදීමට සැලසුම් කර තිබූ බව ඒ මහතා පැවසීය.

"පොදු රාජ්‍ය මණ්ඩලයට අපි කවුරුත්ම යන්නේ නෑ.." - අභිනව ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

"පොදු රාජ්‍ය මණ්ඩලයට අපි කවුරුත්ම යන්නේ නෑ.." - අභිනව ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..


එමෙන්ම, අදාළ වැටුප් වැඩිවීම වත්මන් ආණ්ඩුවට දිය නොහැකි නම් ඊට වෙන් කෙරුණු මුදල්වලට සිදුවූයේ කුමක්දැයි ආණ්ඩුව වහා හෙළි කළයුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

මෙම සාකච්ඡාව කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී පැවැත්විණ.

ReeCha