ජනපති අද හදිසියේම පාර්ලිමේන්තුට - විශේෂ ප්‍රකාශය මෙන්න. - (LIVE VIDEO)

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Ranil Wickremesinghe
By Wayomi Jun 18, 2024 02:47 AM GMT
Wayomi

Wayomi

Report

මේ වන විට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වි‍ශේෂ ප්‍රකාශයක් සිදු කරනවා.

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතිය පිළිබඳව සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කෙරුණු ඇති.

අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට තර්ජනය කරමින් ලොව පුරා සැරිසරන අලුත්ම මුදල් ඒකක මෙන්න.

අමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යයට තර්ජනය කරමින් ලොව පුරා සැරිසරන අලුත්ම මුදල් ඒකක මෙන්න.


එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකමේ තෙවන වාරිකය අනුමත කිරීම සම්බන්ධයෙන් ද කතා කරන අතර පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම සතිය තුළ පාර්ලිමේන්තු වැඩකටයුතු පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ජූනි 19 වන දින සිට ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්. - නවතම කාලගුණ වාර්තාව මෙන්න.

ජූනි 19 වන දින සිට ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්. - නවතම කාලගුණ වාර්තාව මෙන්න.


මේ අතර අද දිනයේ සංචාරක කටයුතු පනත යටතේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇති නියමයන් කිහිපයක්, රජයේ ඉඩම් ආඥා පනත යටතේ සහ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ද එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතව අතර නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් ගේ සේවා දිගුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ද නියමිත බව සඳහන්.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සංජය රාජරත්නම් මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීම සඳහා නිර්දේශ කර ඇති අතර ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගැනීම මීට පෙර අවස්ථා දෙකකදී කල්දැමීමට සිදුවුණි.

කෙසේවෙතත් අද දිනයේ දී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවා.

2025 දී රජයෙන් ගහන නිවාස බද්ද ජනතාවට බලපාන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ නිවේදනයක්.

2025 දී රජයෙන් ගහන නිවාස බද්ද ජනතාවට බලපාන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ නිවේදනයක්.