වෙඩිතබා ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි පොලීසිය කියයි

Shooting Death Law and Order Sinhala news gagana news
By Mithu Aug 22, 2025 07:31 AM GMT
Mithu

Mithu

Report

ඊයේ දින බණ්ඩාරගමදී වෙඩි තබා ඝාතනය කෙරු බන්ධනාගාර නිලධාරියා පිළිබඳව බොහෝ තොරතුරු මේ වන විට අනාවරණය වී අවසන්.

ඒ අනුව බණ්ඩාරගමදී වෙඩිතබා ඝාතනය කෙරුණු හිටපු බන්ධනාගාර නිලධාරියා මාකඳුරේ මදූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වූ අයෙකු බවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සමයං ඝාතන සිද්ධිය පිළිබඳ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙකු බවත් පොලීසිය පවසයි.

බණ්ඩාරගම, බොල්ගොඩ තුංබෝධිය පාලම අසලදී ඊයේ (21) පස්වරු 6:05ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි. පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය කරමින් තිබූ මෝටර් රථයක රියදුරු වෙඩික්කරුගේ ඉලක්කය වූ බව පොලීසිය පැවසීය.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

වෙඩික්කරුවන් එම මෝටර් රථය ලුහුබඳින අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවක ද සටහන් වී තිබුණි. පොලීසිය සඳහන් කළේ, වෙඩික්කරුවන් වෙඩි ප්‍රහාර 29ක් පමණ මෙහිදී එල්ල කර ඇති බවය. ප්‍රහාරයෙන් පසු වෙඩික්කරුවන් කළුතර දෙසට පලාගොස් ඇති අතර ඔවුන්ගේ ඉලක්කය වූ පුද්ගලයා මෝටර් රථය තුළම ජීවිතක්ෂයට පත්වුණි.

ආරක්ෂක හේතූන් මත දේශබන්දුගේ බන්ධනාගාරය වෙනස් කරයි

ආරක්ෂක හේතූන් මත දේශබන්දුගේ බන්ධනාගාරය වෙනස් කරයි

ඝාතනයට ලක්වූ පුද්ගලයා පානදුර, අලුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර කෝදාගොඩ නමැත්තෙක් වන අතර ඔහු වැඩතහනමට ලක්වූ බන්ධනාගාර නිලධාරියෙකි. ඔහු සතුව තිබී රුපියල් ලක්ෂයකට අධික මුදලක්ද ඝාතනය වූ අවස්ථාවේදී පොලිසිය සොයාගෙන තිබේ. මරණකරු 2021 වසරේ ඩුබායි රාජ්‍යයේදී මාකඳුරේ මදූෂ්ගේ උපන්දින සාදයට සහභාගී වීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ අයෙක් බවද පොලීසිය පවසයි.

එමෙන්ම කළුතර, එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩිතබා අපරාධ කල්ලි සාමාජික සමයං ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේදී ඔත්තු ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවෙක් බවද පොලිසිය සඳහන් කරයි. කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇත.

අකිල විරාජ් අල්ලස් කොමිසම හමුවට

අකිල විරාජ් අල්ලස් කොමිසම හමුවට