වහාම ක්රියාත්මක වන පරිදි ජනපතිවරණයට රනිල් ඇප මුදල් තැන්පත් කරයි..
Ranil Wickremesinghe
By Aruna
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙන බව වාර්තා වනවා.
අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු විසින් රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බවයි වාර්තා වන්නේ.
මේ අතර, 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන ස්වාධීන අපේක්ෂකයෙකු ද මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වනවා.
එලෙස ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වන්නේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සරත් කීර්තිරත්න මහතා ය.