ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරන දිනයන් දැනුම්දෙයි..එම දිනයක් සහ ඇප මුදලේ වටිනාකම මෙන්න..

Report

ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයද මැතිවරණ කොමිසම මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, අද(26) සිට ලබන මස 14 වනදා දක්වා සෙනසුරාදා හා ඉරිදා දින හැර අනෙකුත් දිනවල උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි එම නිවේදනය මගින් දන්වා ඇත්තේ.

මේ අනුව අගෝස්තු 14 වනදා පමණක් මධ්‍යහ්න 12.00දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකියි.

අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවේ රුපියල් 50,000 මුදලක් ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු වෙයි.

ජනාධිපතිවරණය පවත් වන දිනය දැනුම් දෙයි..

ජනාධිපතිවරණය පවත් වන දිනය දැනුම් දෙයි..


අදාළ අපේක්ෂකයා වෙනත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් හෝ නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවේ තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් 75,000ක් වනවා.

මීට අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ?


Gallery