රැළියටවත් එන්නැතුව රනිල් හදිසියේම ඉන්දියාවට ගිය හේතුව හෙළිවේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම ඉන්දීය සංචාරයට ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එක්ව ඇති බව බව තොරතුරු වාර්තා වේ.
ඒ අනුව ඔවුන් දෙපල අද උදෑසන 8.40ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් ඇත.
එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා රනිල් වික්‍රමසිංහ මෙම ඉන්දියාවේ සංචාරයක නිරත වන බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ (එජාප) කැපී පෙනෙන චරිතයක් වන හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා නුගේගොඩ රැස්වීමට සහභාගී වීමට ඉඩක් නොමැති බවත්, දෙවන පෙළ නායකත්වයක් ගොඩනැගීම රනිල්ගේ අරමුණ බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර, ලංකා කම්කරු කොංග්‍රස් මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ මංගල්‍යය ලබන 23 වන දින තමිල්නාඩුවේ තිරුපත්තූර් හිදී පැවැත්වේ.
මන්ත්‍රී ජීවන්ගේ සීයා වන සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ කාලයේ සිටම තොණ්ඩමන් පවුල මනාලියගේ ඥාතීන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ තවත් බොහෝ ප්‍රමුඛ දේශපාලන චරිත සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ජීවන් තොණ්ඩමන්ගේ විවාහ මංගල්‍යයට සහභාගී වනු ඇත.