රනිල් සහ සජිත් එකට එක් වෙයි..?හදිසියේම පක්ෂ දෙකේ සාමාජිකයින් කරන්න යන දේ මෙන්න..
එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය හා සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සූදානමක් පවතින බව වාර්තා වනවා.
ඒ එම පක්ෂ දෙකට එක්ව ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දිය යුතු බවට බල කරමින් බවයි පැවසෙන්නේ.
එම අදහස දරන පක්ෂ දෙකේම පිරිස් විසින් මෙම විරෝධතා සංවිධානය කරනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට විශාලතම පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර පක්ෂ දෙකක් ලෙස පක්ෂයේ නායකයන් දෙදෙනෙකු තරඟ කිරීමෙන් තෙවන පාර්ශ්වයකට වාසිය යා හැකි බවට පක්ෂ දෙකේ නායකයන් දෙපළ වෙතම මොවුන් පෙන්වා දී ඇතැයි පැවසේ.
කෙසේ වෙතත් එම කාර්යයට බලපෑමක් කිරීමක් ලෙස මෙම විරෝධතාවයන් සංවිධානය කරමින් තිබීමද විශේෂත්වයක්.
මෙලෙස සජිත් සහ රනිල් දෙපාර්ශවය එකට එක් වුවහොත් ජාතික ජන බලවේගයට යම් අවාසියක් හිමිවනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
මේ අතර, රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පාර්ශව දෙක එක් කිරීම සඳහා ප්‍රබල රාජ්‍යයක් රාජතාන්ත්‍රික මට්ටමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළිකර ඇත.
මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කොට ඔහු යටතේ සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමට සැලසුම් කර තිබුණද මේ වන විට එම සැලසුම වෙනස් කොට සජිත් ප්‍රේමදාස මහතා ජනපති කොට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම දක්වා එම සැලසුම සංශෝධනය වී ඇති බවයි ගම්මන්පිල මහතා සඳහන් අවධාරණය කරන්නේ.
එමෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පිටුපස සිටින්නේ ලොව බලවත්වම බටහිර රාජ්‍යයක් බවද ඔහු මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, තමන් අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටිනවා.
ජාතික ජන බලවේගයට එක් වී සිටින අශුද්ධ සන්ධානයට එරෙහිව පෙනී සිටින කුමන හෝ කණ්ඩායමකට තමන්ගේ සහාය පළකරන බවද ඔහු කියා සිටියා.
මෙම අශුද්ධ සන්ධානය පරාජය කිරීමට ජනාධිපතිවරයා සමග එකතුවෙන ලෙස විපක්ෂනායකවරයාගෙන් තමා ඉල්ලා සිටින බවයි අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.