මෙවර මාතර පොහොට්ටුවත් රනිල් වික්‍රමසිංහට...

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් සංවිධානය අද පස්වරුවේ රැස් වුණා.

එහිදී ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට ඒකමතිකව තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සිය නිල x ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

රබර් වගා සැලැස්මක්...

රබර් වගා සැලැස්මක්...

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා නොදීමට ගෙන ඇති තීරණය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සාගර කාරියවසම් පොදුජන පෙරමුණේ මහ ලේකම් තනතුරෙන් ඉවත් කර රමේෂ් පතිරණ එම තනතුරට පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වූ බව එම සටහනේ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවට කොරියානු රජයෙන් ආධාර...

ශ්‍රී ලංකාවට කොරියානු රජයෙන් ආධාර...

අද පස්වරුවේ පැවති මෙම රැස්වීම මාතර ආසන සංවිධායකවරුන්, හිටපු පළාත් සභා මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකයින්, අනුබද්ධ සංවිධානවල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.