ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් දිනය අදයි!

Festival Sinhala news
By Dilasha Mar 31, 2025 01:50 AM GMT
Dilasha

Dilasha

Report

රාමලාන් යන්නෙහි තේරුම භාග්‍යවත් මාසය යන්නයි.

පුරා මාසයක් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට, හිරු බැස යන තුරු නිරාහාරව සිටිමින් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ නිරත වන මෙම කාලය අනෙකාගේ කුසගින්න, දුක සහ අවශ්‍යතා තේරුම් ගන්නා කාලයකි.

එම කාලයේ සකාත් හෙවත් දන්දීම් වැඩි වශයෙන් කළ යුතුයි. ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරාණය දෙවියන් වහන්සේගෙන් මුහම්මද්තුමාට මුලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙස, අද ඉස්ලාම් බැතිමතුව් රාමසාන් සමරයි.

රාමසාන් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටියේ නිදහස, සමානාත්මතාව, සාමුහිකත්වය සහ මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනැගීමට තබන පියවරේදී ඉස්ලාම් දහම තුළ වන ඉගැන්වීම් පරමාදර්ශයක් වනු ඇතැයි විශ්වාස කරන බවයි.

සහජීවනය, ඉවසීම, යුක්තිය සහ සාමය අරමුණු කොටගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවය රාමසාන් උත්සවයෙන් අවබෝධ කරදෙන බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, තමා ගැන පමණක් නොව අනෙකා ගැන ද සිතා කටයුතු කිරීමෙන් සැවොම සෞභාග්‍යයක් කරා ගෙයාමට සියලු දෙනා එකාවන්ව කටයුතු කළ යුතු බවයි. 


කුඩයක් නැතුව නම් පාරට යන්න එපා

කුඩයක් නැතුව නම් පාරට යන්න එපා

cidය ගැන මන්ත්‍රී නාමල් කියපු අමුතුම කතාව

cidය ගැන මන්ත්‍රී නාමල් කියපු අමුතුම කතාව

ReeCha