හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහාධිකරණයට පැමිණෙයි

Report

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) උදෑසන කොළඹ මහාධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර ඇති නඩුවක් අද දිනයේදී කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.

දේශපාලන පළිගැනීම්වලට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් නීති කමිටුවක් පත්කරයි

දේශපාලන පළිගැනීම්වලට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් නීති කමිටුවක් පත්කරයි

මෙම නඩුව ධීවර වරාය නීතිගත සංස්ථාවේ “වැලිගොව්වා” නමැති නෞකාව අවභාවිතා කළ බවට එල්ලවී ඇති චෝදනාවක් මත පදනම් වූවකි. 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව ආරම්භ වූ මෙම විමර්ශනය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට ජූලි 2 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණත්, උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුට එදින පෙනී සිටීමට නොහැකි වූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පවසා ඇත.

මේ අතර, රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති තවත් නඩුවක් අද දිනයේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. මෙම නඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගෙන ඇති බවත්, එම වරෙන්තුව නීතිවිරෝධී ලෙස ලබාගත් බවට චෝදනා කරමින් රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.

හිටපු ජනාධිපතිලාගේ විශ්‍රාම වැටුප් අහෝසියි කියන කතාවට ෆුල්ස් ස්ටොප් - නීතිපති අධිකරණයට දන්වයි

හිටපු ජනාධිපතිලාගේ විශ්‍රාම වැටුප් අහෝසියි කියන කතාවට ෆුල්ස් ස්ටොප් - නීතිපති අධිකරණයට දන්වයි

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි