අද සවස 2න් පස්සේ මේ පළාත්වලට වෙන්නේ මේකයි
උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.
එසේම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ දකුණු පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව අඳාළ නිවේදනයේ දැක්වේ.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.