අදත් බොහෝ ප්‍රදේශ වලට කාලගුණයෙන් අනතුරු
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ දිනවල අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බවයි.
අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අදාල නිවේදනයේ සඳහන්.
තවද දකුණු සහ බස්නාහිර පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.
මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
