ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කෙරේ- ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං

Report

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය අද දින සවස 04.00 ට නිකුත් කරන ලදි.

අද රාත්‍රී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක අම්පාර, මඩකලපුව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

හෙට දින බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය .

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි.

ලංකාව අවට මුහුද රළු වෙයි - නාවික හා ධීවර ප්‍රජාවට විශේෂ නිවේදනයක්

ලංකාව අවට මුහුද රළු වෙයි - නාවික හා ධීවර ප්‍රජාවට විශේෂ නිවේදනයක්

Gallery