ඉන්දීය පාර්ලිමේන්තුවෙන් රාහුල් ගාන්ධි ගැන දැඩි තීරණයක් ගයි..!

Rahul Gandhi Narendra Modi India
By Sewvandhi Mar 24, 2023 10:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලේ, ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ගේ මන්ත්‍රී පදවිය අත්හිටුවීමට එරට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තු නිවේදනයක ඒ බව දැක්වෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ.

ඔහුට එරෙහිව එම තීරණය ගෙන ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ට අපහාස කර ඇති බවට එරට පහළ අධිකරණයක් මගින් ඔහු වැරදිකරු බවට නියෝග කිරීම හේතුවෙනි. එහිදී ගාන්ධිට එරෙහිව වසර දෙකක සිර දඬුවමක් පනවා තිබුණි.

2019 වසරේ කථාවක් අතරතුර "බොහෝ හොරුන්ට මෝදී" යන නම ඇති බව පවසා තිබුණි.

එම නඩුවේ තීන්දුව ලබාදීමෙන් අනතුරුව ඒ අවස්ථාවේදීම ගාන්ධි ට ඇප ලබාදී ඇති අතර ඔහුව වැරදිකරු කරමින් ලබාදුන් තීන්දුව මාසයකට අත්හිටුවීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now