QR කේත අවභාවිත කර ඉන්ධන ලබාගැනීම් ගැන පැමිණිලි 1,000ක් - පොලීසියෙන් විමර්ශන
QR කේත භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමේ වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,000කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් වර්ණ ශ්‍රී ධනපාල මහතා සඳහන් කළේ, මෙම පැමිණිලි පිළිබඳව පොලීසිය සමඟ එක්ව විමර්ශන ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම, නොදැනුවත්කම හෝ අත්වැරදීම් හේතුවෙන් වෙනත් අයෙකුගේ QR කේත භාවිතා කර ඉන්ධන ලබාගැනීමේ සිද්ධීන් ද පැමිණිලි අතර ඇතුළත් බවත් ඔහු පැවසීය.
ලැබී ඇති පැමිණිලි අතරින් 150කට අධික ප්‍රමාණයක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා පොලීසිය වෙත යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම, ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂා කර සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර, QR කේතය ලබා ගැනීම සඳහා මේ වන විට මිලියන 6කට අධික පිරිසක් ලියාපදිංචි වී සිටින බව ද වාර්තා වේ.