පිරමිඩ ජාවාරම්කරු අත්අඩංගුවට. කොටි 225 ක් සොරා කාලා

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Law and Order Sinhala news
By Hashan May 30, 2025 10:21 AM GMT
Hashan

Hashan

Report

නීති විරෝධි ලෙස පිරමිඩ ආයෝජක ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර සිටියා.   

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සමාගමේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු රුපියල් කෝටි 225 කට අධික මුදලක් නීති විරෝධී ලෙස හුවමාරු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී ඇත.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.   

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

මෙම සැකකරු ෆූගෝ ඔලින් privat limited නමැති සමාගමක් පවත්වාගෙන ගොස් පිරමීඩ ආයෝජන ව්‍යාපෘතියක් මෙහෙයවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ 2023 වසරේ මාස පහක කාලයක් තුළ එම සමාගමේ ගිණුම් 56 ක් හරහා රුපියල් කෝටි 220 කට වැඩි මුදලක් හුවමාරු වී ඇති බවත්, මෙම මුදල් කවර පාර්ශශ්වයක් වෙත ගමන් කර තිබේද යන කාරණය පිළිබඳ විමර්ශන සිදු කරන බවත්ය.   

විදුලිය බිඳ වැටිලනම් දැනුම් දෙන්න දුරකථන අංකයක්

විදුලිය බිඳ වැටිලනම් දැනුම් දෙන්න දුරකථන අංකයක්

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම සමාගමේ අධ්‍යක්ෂවරයා වන එරංග දිල්ශාන් නමැත්තා සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

ReeCha