දුම්රිය මගීන්ට හදිසි නිවේදනයක් - පුත්තලම දුම්රිය ධාවනය ඇණහිටී
By Aylin Zoya
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
හලාවත දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මෙම බාධාව ඇතිවී තිබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අදාළ ගස ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින අතර, ඒ හේතුවෙන් දුම්රිය ගමන් ප්‍රමාද විය හැකි බවද දැනුම් දී තිබේ.