පුත්තලමේ කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට අති විශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තැබේ
පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි කඩොලාන වනාන්තර පද්ධති 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වන අදාළ ගැසට් පත්‍රයට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පරිසර අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.
රජයේ “තිරසර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක්” පරිසර ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” ජාතික වැඩසටහන යටතේ මෙම පියවර ගෙන තිබේ.
අතුල සහ හර්ෂගෙන් වෙන්වුණු අමායා තෙවෙනි වරටත් නළුවෙක් වගේ තරුණයෙක් සමඟ යුග දිවියට - ඇගේ අලුත්ම පෙම්වතා මෙන්න
ජූලි 26 වන දිනට යෙදුණු ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක “වනස්පති” ජාතික වැඩසටහනේ වැදගත් පියවරක් ලෙස මෙම රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරේ.
කඩොලාන පරිසර පද්ධතිවල පවතින අතිමහත් වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, ඒවායේ තිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ නිසි භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි.
මෙවර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට හඳුනාගෙන ඇති මෙම කඩොලාන වනාන්තර 08හි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 176.67ක් වන අතර, එම වනාන්තර ලෙස තිල්ලිඅඩිය, සම්මට්ටවාඩිය, මුතලප්පාලි, කුඩාව, කුඹුටු කුලියාව, කරඹේ, කන්දකුලිය සහ මණ්ඩල කුඩාව යන කඩොලාන වනාන්තර පද්ධති හඳුනාගෙන ඇත.
පසුගිය 2025 වසරේදී ද මෙම ජාතික වැඩසටහන යටතේ පුත්තලම හා හලාවත අඩවි වන කාර්යාලවලට අයත් කඩොලාන වනාන්තර කිහිපයක් රක්ෂිත ලෙස නම් කරමින් හෙක්ටයාර් 67කට ආසන්න භූමි ප්‍රමාණයක් නීත්‍යානුකූල ආරක්ෂාවට ගෙන තිබුණි.
ශ්‍රී ලංකාවේ දැනට පවතින සමස්ත කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 12,500ක් පමණ වන අතර, එයින් විශාලතම කොටස ව්‍යාප්ත වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය හා කලපු ආශ්රිත ප්රදේශවලයි.
එමෙන්ම පර්යේෂණ වාර්තාවලට අනුව මෙරටින් කඩොලාන ශාක විශේෂ 11ක් පමණ වාර්තා වී තිබේ. අමාත්‍යාංශයේදී පැවැති මෙම විශේෂ අවස්ථාව සඳහා පරිසර අමාත්‍යාංශ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක වන සංරක්ෂක හා වැඩබලන වන සංරක්ෂක ජනරාල් උත්පලා කලන්සූරිය මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.