යුරෝපා කොමිසම පුටින් දොට්ට දැමීමට යෝජනාවක් ගෙනෙයි
යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට යළි වතාවක් යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට අදාළ යෝජනාවක් මේ වන විටත් ඉදිරිපත් වී ඇති බවයි සඳහන් වන්නේ.
මෙයට පෙරද මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වූ අතර පසුව එය අතහැර දැමුණා.
නමුත් මේ වන විටයි රුසියාව ඒකාධිපති පාලනයක් රකින යෑමට උත්සාහ කරන අතර ලොව රටවලට මෙන්ම සිරියාවටද ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මෙම යෝජනාවලියේ ඉදිරිපත් කර තිබේ.
යුරොපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවට රුසියාව සාමාජිකත්වයෙන් නෙරපා හැරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට සාමාජිකයන් 219 න් 216 ක ඡන්දය පක්ෂව හිමි වුනා.
සාමාජිකයන් 3 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
මෙසේ යෝජනාවක් ගෙන ඒමට හේතු වී ඇත්තේ රුසියානු-යුක්රේන ගැටුම බව යුරෝපා කවුන්සිලය පැවසූහ.
මේ පිළිබඳ x පණිවිඩයක් නිකුත් කරමින් යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා පැවසුවේ මෙම ක්‍රියාමාර්ගය 2014 වසරේදී ගැනීමට තිබූ එකක් බවත්
දැන් හෝ එම තීරණය ගැනීම පිළිබඳ තමන් සතුටු වන බවත්ය. අඟහරුවාදා දින රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රුසියාව යුරෝපා කවුන්සිලයෙන් ඉවත් වන බවයි. මෙම නිවේදනය යුරෝපා කවුන්සිලය ද තහවුරු කළහ. 1949 යුරෝපා කවුන්සිලය පිහිටුවීමෙන් පසුව රටක් යුරෝපා කවුන්සිලයෙන් ඉවත් වන දෙවැනි අවස්ථාව මෙය වන අතර 1969 ග්‍රීසිය තාවකාලිකව ඉවත් වී තිබිණ.
