39 හැවිරිදි කතක් සිනමා ශාලාවක සිදුවූ දෙයකින් මිය යයි..ජනප්‍රිය චිත්‍රපටයේ ප්‍රධාන නළුවා අත්අඩංගුවට ගනී..

By Aruna Dec 14, 2024 01:33 AM GMT
Report

මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් තිරගතවන 'පුෂ්පා 2' චිත්‍රපටයේ පුෂ්ප රාජ්ගේ චරිතයට පණ දෙන ප්‍රධාන නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

ජනප්‍රිය නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හයිද්‍රාබාද් සන්ධ්‍යා සිනමාහලේදී 39 හැවිරිදි රේවතී නමැති කාන්තාවක මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවයි පැවසෙන්නේ.

අද සිට ඉදිරි දින කිහිපය මේ ලග්න වල අය දැඩි අවධානයෙන් ඉන්න..මේ සතියෙ වෙන්න තියෙන දේ මෙතනින් දැන ගන්න.

අද සිට ඉදිරි දින කිහිපය මේ ලග්න වල අය දැඩි අවධානයෙන් ඉන්න..මේ සතියෙ වෙන්න තියෙන දේ මෙතනින් දැන ගන්න.


මෙම කාන්තාව ඇගේ පුතා සහ සැමියා ද සමඟ සන්ධ්‍යා සිනමාහලට ගොස් ඇත්තේ 'පුෂ්පා 2' චිත්‍රපටය නැරැඹීමටයි.

අල්ලු අර්ජුන් ද සිනමාහලට පැමිණ ඇති අතර, සිනමාහලේ සිටි පිරිස් පොරකමින් සහ තෙරපෙමින් ඔහු දැක ගැනීමට එක් රොක් වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

එම තෙරපීමෙන් රේවතී මියගිය අතර ඇගේ පුතා තුවාල ලැබා ඇත.‍‍

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි..


සිනමාහලේ තෙරපීම සිදුවූයේ අල්ලු අර්ජුන් සහ ඔහුගේ කණ්ඩායම නොසැලකිලිමත්ව කටයුතු කිරීම සහ නිසි ලෙස පිරිස් කළමණාකරනය නොකිරීම නිසා යැයි චෝදනා එල්ල වී තිබේ.

You May Like This Video