ලස්සන වෙන්න මිනිස් මූත්‍රා වලින් ඇස් හෝදලා -අනේ මෙහෙමත් ගැණු

Skin Care India Instagram Latest Headlines Sinhala news
By Ashfa Jul 02, 2025 04:59 AM GMT
Ashfa

Ashfa

Report

ඉන්ස්ටග්‍රෑම් හි සෞඛ්‍යය ප්‍රචාරකයෙකු ලෙස හැඳින්වෙන පූනෙ නගරයේ නුපූර් පිටිගේ නම් කාන්තාව කල වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත.

එහිදී ඇය ඇස්වල රතුබව, වියළි බව සහ අසාත්මිකතාවට ප්‍රතිකාර ලෙස තමන්ගේම මූත්‍රා භාවිතා කර ඇස් සෝදන ආකාරය පෙන්වයි.

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

"Urine Eye Wash – Nature’s Own Medicine" යන මාතෘකාව යටතේ පළ කළ මෙම වීඩියෝවට පැය 24ක් ඇතුළත බැලීම් වාර 1.5 ලක්ෂයකට ඉක්මවූ අතර, සමාජ ජාලාවල විශාල විවේචනයට ලක්ව ඇත.

නමුත් වෛද්‍යවරුන් මෙම ක්‍රියාව දැඩිව විවේචනය කරන අතර, එය අසනීපදායක, අනාරක්ෂිත සහ ඇස්වල දැඩි හානි ඇති කළ හැකි බව අවධාරණය කරති. ඔවුන් අනතුරු ඇඟවූයේ, මූත්‍රය මගින් බැක්ටීරියා සහ අම්ලිකත්වය ඇතුළත් විය හැකි බැවින් එය ඇස්වලට යෙදීම අතිශය අනතුරුදායක බවයි.

ලාෆ්ස් ගෑස් මිල මෙන්න

ලාෆ්ස් ගෑස් මිල මෙන්න

එමෙන්ම, සමාජ මාධ්‍ය භාවිතාකරුවන් රැසක් ඇයව දැඩිව විවේචනය කරමින් මෙය "වැරදි සහ අවධානමක්" ලෙස පවසා ඇත. සමහරුන් පවසා ඇත්තේ, "මූත්‍රා යනු ශරීරය විසින් ඉවත් කරන අපද්‍රව්‍යයක්.

එය ඇස් සෝදන්න භාවිතා කරනවා කියන එක මිනිස්සකුගේ වගකීම් විරහිත හැසිරීමක්" ලෙසයි.

ඩුබායි කුමරු මොකක්ද මේ කළේ ? රෙස්ටුරන්ට් එකේ හැමෝම පුදුම වෙලා

ඩුබායි කුමරු මොකක්ද මේ කළේ ? රෙස්ටුරන්ට් එකේ හැමෝම පුදුම වෙලා

තවත් පරිශීලකයෙකු සදහන් කර ඇත්තේ : “ඊළඟට මළපහෙන් මුහුණේ Facial එකක්ද?” වෛද්‍යවරුන් සඳහන් කළේ, මූත්‍රා සෞඛ්‍යයට යහපත් කියා දක්වමින් මෙවැනි අසාත්මික ක්‍රියා රසබර කරන සමාජ මාධ්‍ය ප්‍රචාරකයන්ට එරෙහිව ජනතාව අවධානයෙන් ඉඳිය යුතු බවයි.  

ReeCha