අවශ්‍යතා මත අද රාත්‍රියේත් ප්‍රවාහන සේවා
By Akash
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සදහා අද (13) රාත්‍රියේත් අවශ්‍යතාවය මත බස් රථ යොදවන බව ප්‍රවාහන බලධාරින් පවසනවා.
අද දහවල් වන විටත් නගරාන්තර සේවා බස් රථ අඛණ්ඩව ධාවනය කළ බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේ.
එමෙන්ම, අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවා සැලසුම යටතේ අද දිනයේදීත් විශේෂ දුම්රිය යොදවා තිබුණා.
උදාවන අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද අපරභාග 8:57 ට ඇරඹී හෙට පූර්වභාග 9:45 ට අවසන් වනවා. ඒ අනුව නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ, අද අපරභාග 8:57ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම සුදුසු බවයි.
නව අවුරුදු උදාව හෙට පූර්වභාග 3:21 ට යෙදෙන සුබ නැකතින් සිදු වනවා.