පොදු වැසිකිළිය වසා දැමීම නිසා වුණු අකරතැබ්බය

Sri Lanka Latest Headlines
By Zara Apr 24, 2025 06:00 PM GMT
Zara

Zara

Report

පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම්පොළ අසල ඇති පොදු වැසිකිළිය සතියක් පුරා වසා තැබීම හේතුවෙන්, පුස්සැල්ලාව නගරයට පැමිණෙන මහජනතාවට දැඩි අසීරුතාවයක් උදාවී ඇතැයි එම ප්‍රදේශයේ ජනතාව පවසනවා.

මෙම නගරය පුස්සැල්ලාව අවට ප්‍රදේශවල සිටින ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින්ටද බහුලව පිවිසෙන නගරයක් වන අතර, සතියක් හෝ සතියකට වැඩි කාලයක් මෙම වැසිකිළිය වසා තබා ඇති නිසා මහජනතාව දැඩි බාධාවකට ලක්වී ඇත.

උඩපලාත ප්‍රාදේශීය සභාවට අයත් මෙම පුස්සැල්ලාව නගරයේ පොදු වැසිකිළිය භාවිතයට ගන්නා පුද්ගලයෙකුගෙන් රුපියල් 30ක් අයකරන අතරත් එයට අදාළ නඩත්තු කටයුතු අඩු මට්ටමක පවතින බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.

තවද මෙය නිතර වසා තැබීම නිසා විශේෂයෙන්ම කාන්තා පරිශීලකයින් දැඩි අපහසුතාවයට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වැසිකිළිය ප්‍රාදේශීය සභා පාලනය යටතට ගෙන, එය නිතරම විවෘතව තබා, මහජනතාවට බාධාවක් නොවී භාවිතා කළ හැකි ආකාරයෙන් ක්‍රියාත්මක කරන ලෙස පුස්සැල්ලාව නගරයේ ජනතාව ඉල්ලීමක් කරනවා.

[VIIT29J ]

ජනපති අනුරත් අනුරාධපුරයෙන් Miss World අනුදිත් අනුරාධපුරයෙන්...

ජනපති අනුරත් අනුරාධපුරයෙන් Miss World අනුදිත් අනුරාධපුරයෙන්...

ReeCha