ජනපති අනුරත් අනුරාධපුරයෙන් Miss World අනුදිත් අනුරාධපුරයෙන්...

Google Sri Lanka Sinhala news
By Akash Apr 24, 2025 01:32 PM GMT
Akash

Akash

Report

ලාංකේය නම බබළවන්න අනුරාධපුරයෙන් Miss World වේදිකාවට යන, 'අනුදි ගුණසේකර' අනුදි ගුණසේකර... ඈ තමයි Miss Sri Lanka - 2024 රූ කිරුළට උරුමකම් කියූ රුවැත්තිය.

නුදුරේදීම ආරම්භ වන 72 වන ලෝක රූ රැජින වේදිකාවේ (72nd Miss World) ලාංකේය නියෝජනය ඇය. අනුදිගේ එකම බලාපොරොත්තුව වෙන්නෙ, මේ පුංචි රට ලෝකය ඉදිරියේ ඉහළින්ම ඔසවා තැබීම. ඒ ගැන ඈ වරෙක මෙයාකාරයෙන් හඬ අවදි කරලා තිබුණා. ''මගේ රට ලෝකය ඉදිරියේ බබළන්න ආසාවෙන් ඉන්නවා. Mr. Sri Lanka 2024 වුණ නිසා මේඝ Mr. World තරගයේදී අවසන් දහ දෙනා අතරට අතරට ආවා.

රාජකාරි සඳහා මහනුවරට පැමිණි සිව් දෙනෙකු මියයයි

රාජකාරි සඳහා මහනුවරට පැමිණි සිව් දෙනෙකු මියයයි

ඒ නිසා අපේ රටට අවදානයක් ලැබුණා. ඒ අඩිපාරේ ගිහින්ම ලංකාවට කීර්තියක් අරගෙන එන්න තමයි මමත් හිතාගෙන ඉන්නේ.'' ලෝක රූ රැජින වේදිකාවට යන අනුදි, මේ වෙද්දි සුවිශාල සමාජ මෙහෙවරක් සිදුකරමින් පසුවනවා. ඒ ඇය සිය රූ රැජින ව්‍යාපෘතිය ලෙස ඉදිරිපත් කෙරෙන, 'ඔසප් දරිද්‍රතාවය' (Period poverty) කියන සමාජමය කාරණාවත් එක්ක. ලංකාවේ ඉන්න දිළිඳු දරුවන්ට සහනයක් වීමයි, ඇගේ එකම අරමුණ.

'සහේලි' (Saheli Foundation) කියන්නෙ අනුදි ඒ වෙනුවෙන් පිහිට වූ ලාභ අරමුණු කරනොගත් සංවිධානය. සනීපාරක්ෂක නිෂ්පාදන ආකාරයෙන් පරිත්‍යාග ලබාදීම සහ සනීපාරක්ෂක පහසුකම් ලබාදීම, අවශ්‍ය තැන්වලට ජල පහසුකම් සහ වැසිකිළි පහසුකම් ලබාදීම, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ඔසප් දරිද්‍රතාවය මූලික කරගත් අනෙකුත් ගැටළු පිළිබඳ තොරතුරු සහ දැනුම ලබාදීම යනාදි පුළුල් ක්ෂේත්‍රයක් කරා ඇය සිය සංවිධානය ඔස්සේ ක්‍රියාකාරීව කටයුතු කරනු ලබනවා.

අනුදි උපන් ගම අනුරාධපුරය. අනුරාධපුර මධ්‍ය මහා විදුහලෙන් සිප්සතර හැදෑරූ ඈ කැලණිය විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා පිළිබඳව ගෞරව උපාධිධාරිණියක් ද වනවා.

දලදා පෝලිමේ අයෙක් මිය යයි… පෝලිම්වල ගැටුම්... යුද හමුදාව කැදවයි… (Video)

දලදා පෝලිමේ අයෙක් මිය යයි… පෝලිම්වල ගැටුම්... යුද හමුදාව කැදවයි… (Video)

සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දියණිය ඇය. අනුදිගේ පියා වෘත්තීය පොලිස් නිලධාරියෙක්. මව රූපලාවන්‍ය ශිල්පිනියක්. වයස අවුරුදු 19 සිට විලාසිතා නිරූපිකාවක් හැටියට කටයුතු කරනු ලබන අනුදි, සිය උසස් අධ්‍යාපන කටයුතු ද මැනවින් ඉදිරියට කරගෙන යාම විශේෂ කාරණාවක්.

අනුදි කියන හැරියට, ලෝක රූ රැජින කියන්නෙ ඇය කුඩා කාලයේ පටන්ම බොහෝ සෙයින් උනන්දු වූ තරඟයක්. ඉතින් මේ හැබෑවක් වෙලා තියෙන්නෙ වසර ගණනාවක සිට ඈ දැක්ක සුන්දරම සිහිනය කිව්වොත් හරි. අනුදි ගුණසේකර ලංකාව නියෝජනය කරන, 72 වන ලෝක රූ රැජින තරගාවලිය මැයි 7 වනදා සිට මැයි 31 වනදා දක්වා ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවැත්වීමට නියමිතයි.

1996 ලෝක රූ රැජින තරගය සහ 2024 දී පැවති අවසන් තරගයෙන් පසුව, ඉන්දියාවේ මෙම ජාත්‍යන්තර වේදිකාව තැනෙන තුන්වන අවස්ථාව මෙය වනු ඇති. ඉතින්, රුව, ගුණ, පෞරුෂත්වය, බුද්ධිය යන මේ සෑම කාරණයක් ම ඇගයෙන ජාත්‍යන්තර වේදිකාව නියෝජනය කරන අපේ රුවැත්තිය අනුදි ගුණසේකරට මෙවර රූ රැජිණ කිරුළින් ලක් මව සැරසීමට හැකියාව ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු !!

ReeCha