විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Report

2026 වසරේ දෙවන කාර්තුව වෙනුවෙන් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය මඟින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි මස 25වන දින ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ පෙබරවාරි මස 25වනදා සිට මාර්තු මස 18වන දින දක්වා වාචිකව මෙන්ම ලිඛිතව ද මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු සිදු කරන බවයි.

පළාත් 09ම ආවරණය වන පරිදි අඳාළ කටයුතු සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව සෙසු කරුණු ද සලකා බලා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව කොමිසන් සභාව මඟින් තීරණය කිරීමට නියමිත බව සඳහන්.

අද රත්තරන් ගණන් බැහැලා - ගන්නවා නම් ඉක්මන් කරන්න - නවතම රන් මිල මෙන්න

අද රත්තරන් ගණන් බැහැලා - ගන්නවා නම් ඉක්මන් කරන්න - නවතම රන් මිල මෙන්න

2026 වසරේ දෙවන කාර්තුව වෙනුවෙන් එනම් අප්‍රේල් මස පළමුවන දින සිට ජුනි මස 31 වන දින දක්වා වන කාලසීමාව සඳහා සියයට 13.56ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් අපේක්ෂා කරමින් ඉකුත් 13 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය මඟින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත සිය යෝජනාවලිය ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් 2026 වසරේ පළමු කාර්තුවට අදාළව ලංකා විදුලි මණ්ඩලය මඟින් සියයට 11.57ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කළ ද ඊට උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි වූයේ නැත.

දැනට අස්වැසුම තියෙන අයට විශේෂ දැනුම්දීමක් - මේ අයට අස්වැසුම නැති වෙන්න යන්නේ ගෙවීම් නතර කරන්න යයි

දැනට අස්වැසුම තියෙන අයට විශේෂ දැනුම්දීමක් - මේ අයට අස්වැසුම නැති වෙන්න යන්නේ ගෙවීම් නතර කරන්න යයි

ලිට්‍රෝ, ලාෆ් ගෑස් ගැන ඇමති වසන්තගෙන් හදිසි දැනුම්දීමක්

ලිට්‍රෝ, ලාෆ් ගෑස් ගැන ඇමති වසන්තගෙන් හදිසි දැනුම්දීමක්