''ඔබටත් දැන් නමක් දෙන්න පුළුවන්'' - පින්නවල මසුන් බළලුන් තිදෙනාට නම් තැබීමට ජනතාවට අවස්ථාව

Report

ලෝක බළල් දිනයට සමගාමීව (අගෝස්තු 8) පින්නවල සත්වෝද්‍යානයේ සිටින දුර්ලභ මසුන් බළලුන්ගේ පැටවුන් තිදෙනා සඳහා නම් යෝජනා කිරීමේ අවස්ථාවක් මහජනතාව වෙත ලබා දී තිබේ.

එම පැටවුන්ට ගැළපෙන නිර්මාණශීලී සහ අර්ථවත් නම් යෝජනා කරන ලෙස සත්වෝද්‍යානය සත්ත්ව ලෝලීන්ගෙන් ඉල්ලා සිටී.

ලැබෙන නම් යෝජනා අතරින් හොඳම නම් විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරා ගැනීමට නියමිත අතර, ජයග්‍රාහකයන්ට ලෝක බළල් දින සැමරුම් අවස්ථාවේදී විශේෂ ත්‍යාග පිරිනැමීමට කටයුතු කෙරේ.

පින්නවල සත්වෝද්‍යානය විසින් ලබා දී ඇති ගූගල් පෝරමය හරහා මහජනතාවට තම නම් යෝජනා ඉදිරිපත් කළ හැකි අතර, එම භාරගැනීමේ අවසන් දිනය 2026 අගෝස්තු 7 වැනිදායින් අවසන් වේ.

මෙම විශේෂ අවස්ථාවට එක්වන ලෙස පවුල්, වනජීවී ලෝලීන් සහ සත්වෝද්‍යානයේ අමුත්තන්ට ආරාධනා කර ඇති අතර, ශ්‍රී ලංකාවේ දුර්ලභ මසුන් බළල් පැටවුන්ගේ අනාගත ගමනේ කොටස්කරුවන් වීමට මෙමගින් අවස්ථාව සැලසෙන බව සත්වෝද්‍යානය සඳහන් කරයි.

මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මතවු සූර්ය බලශක්ති ව්‍යාපෘතියට මුල් පියවර තබයි

මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මතවු සූර්ය බලශක්ති ව්‍යාපෘතියට මුල් පියවර තබයි

මේ දේවල් වගා කරන ගොවීන්ට සුබ ආරංචියක් - රජයෙන් විශේෂ රක්ෂණාවරණයක්

මේ දේවල් වගා කරන ගොවීන්ට සුබ ආරංචියක් - රජයෙන් විශේෂ රක්ෂණාවරණයක්