පළාත් සභා මැතිවරණයත් කැදවයි..

Report

රජයේ අවධානය වසර ගණනාවක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම කෙරෙහි යොමුවී ඇති බව වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් පසුව, පළාත් සභා මැතිවරණය ද ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇත.

මෙම මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සම්බන්ධයෙන් ආණ්ඩුව දැනටමත් පියවර ගනිමින් සිටී.

ආණ්ඩු පක්ෂය අවස්ථා ගණනාවකදී පවසා ඇත්තේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන බවයි.

බහුතරය දිනූ පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

බහුතරය දිනූ පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

ඒ සඳහා අවශ්‍ය නීති සහ රෙගුලාසි පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් පසු, පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට නියමිත බව ද පවසා ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයේදී ද, පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමේ වැදගත්කම දෙරටේ ඒකාබද්ධ ප්‍රකාශනයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අතර, තවත් යෝජනාවක් වී ඇත්තේ, දැනට පවතින ආකාරයෙන් පළාත් සභා මැතිවරණය නොපවත්වා, වත්මන් තත්ත්වය යථාවත්ව පවත්වාගෙන යාමයි.

මාලිමාව පන්න දමන්නට පළමු පියවර තලතාගෙන්

මාලිමාව පන්න දමන්නට පළමු පියවර තලතාගෙන්