"මාල නොකැඩූ බව ඔප්පු කරන්න." - 'රත්තරං' පටබැඳුණු හැටි හෙළි කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (24) පාර්ලිමේන්තුවේදී හැමදෙනාටම අභියෝගයක් එල්ල කරනු ලැබුවා.
ඔහු සඳහන් කළේ, තමන් මාල කැඩූ බවට ඇති එකදු හෝ පොලිස් පැමිණිල්ලක් පෙන්විය හැකි නම්, ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට සූදානම් බවයි.
බොහෝ අයට කුඩා කාලයේ දී විවිධ අන්වර්ථ නාමයන් පට බැඳෙන බවත් ප්‍රේමලාල් ජයසේකර ට 'චොකා මල්ලි' යනුවෙන් අන්වර්ථ නාමයක් පට බැඳ ඇති සේ තමාට ද කුඩා කළ සිට 'රත්තරං' යනුවෙන් විවිධ පිරිස් අමතා ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
තමා ව රත්තරං යනුවෙන් විවිධ පාර්ශ්වයන් අමතනවා මිස තමා කිසි දිනයක මාල කැඩීම් වැනි දෑ සිදු නො කළ බවයි ඔහු පේනවා දෙන්නේ.