අපිත් ඉල්ලන්න හිටියේ අපිට අවස්ථාව දෙන්නේ නෑ..ක්‍රිකට් නිලවරණයට එරෙහිව විරෝධතා..

Cricket Sri Lanka Cricket Sri Lanka
By Piyumika Jan 26, 2025 03:08 AM GMT
Piyumika

Piyumika

Report

ලබන මාර්තු මස 31 වෙනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ නාමයෝජනා සඳහා පාර්ශව තුනක් විරෝධතා ගොනුකර තිබෙනවා.

ඒ මෙවරත් ක්‍රිකට් ආයතනයේ නිල වර්ණය වත්මන් සභාපති සම්මේ සිල්වා ප්‍රමුඛ ඒක පාර්ශික නිලවරණයක් බවට පත්ව ඇති  පසුබිමකයි.  

උඹලගේ විසදුම් උඹලා තියාගනිල්ලා..මම මගේ ක්‍රමේට කියලා සමථ මණ්ඩලයෙදී ප්‍රශ්නේ විසදපු හැටි..

උඹලගේ විසදුම් උඹලා තියාගනිල්ලා..මම මගේ ක්‍රමේට කියලා සමථ මණ්ඩලයෙදී ප්‍රශ්නේ විසදපු හැටි..

නාමයෝජනා කැඳවීම පසුගිය 22 වැනිදායින් අවසන් වූ අතර, ඒ සඳහා විරෝධතා ගොනු කිරීමට ලබා දී තිබූ කාල සීමාව ද ඊයේ අවසන් වුණා.

විරෝධතා ගොනුකර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උපසභාපතිවරයකු වෙනකේ. මතිවානන්, බ්ලූම්ෆීල්ඩ්  ක්‍රීඩා  සමාජය උපසභාපති සුධර්මද සිල්වා සහ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය ලේකම් හා කළුතර කාය වර්ධන කවචයේ සාමාජික අනුර වීරසිංහයි. 

කේ. මතිවානන් සභාපති ධුරයට ද, සුධර්ම ද සිල්වා උපසභාපති ධුරයට ද,අනුර වීරසිංහ භාණ්ඩාගාරික ධුරයට ද නාමයෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණත් ඊට සාධාරණ කාලයක් ලබා නොදුන් බව එම පාර්ශ්ව චෝදනා එල්ල කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ක්‍රිකට් නිලවරණ දෙකෙහිදීම නාමයෝජනා භාරදීම සඳහා දින 14ක අවම කාලයක් ලබා දුන්න ද මෙවර ලබාදී ඇත්තේ රාජකාරි දින 03ක කාලයක් පමණක් බවයි.

එමෙන්ම විරෝධතා ගොනු කිරීම සඳහා ඊයේ පෙරවරු 9 සිට 11 දක්වා පැය 2ක් වැනි කෙටි කාලයක් ලබා දුන් බවටත් චෝදනා එල්ල වනවා.

හදිසි පරික්ෂාවේදී ගබඩාව ඇතුලෙන් මතුවුණ දේ...නියමෙට හන්ගලා..(PHOTO)

හදිසි පරික්ෂාවේදී ගබඩාව ඇතුලෙන් මතුවුණ දේ...නියමෙට හන්ගලා..(PHOTO)

මීට අමතරව මෙවර ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු‍ සාමාජිකයින් දැනුවත් නොකර මෑතකදී සම්මත කරගත් නව ව්‍යවස්ථාව යටතේ ඡන්ද අයිතිය හිමි ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සංගම් 60 වෙත පමණක් දැනුම්දීම තුළින් තමන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවයි විරෝධතා දැක්වූවන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව නාමයෝජනා සියල්ල අවලංගු කර නැවතත් සාධාරණ කාලයක්, එනම් අවම වශයෙන් දින 14ක කාලයක් ලබාදී නැවත නාමයෝජනා කැඳවන ලෙස ඔවුන් ඉල්ලා සිටින අතර, මෙම විරෝධතා සම්බන්ධයෙන් නිලවරණ කමිටුව නිසි පියවර නොගතහොත් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට ද සූදානම් බව විරෝධතා ගොනුකළ පාර්ශ්ව ප්‍රකාශ කළා.

You may like this video

ReeCha