මත්තල දියුණු කරන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

Report

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීම සදහා යෝජනාවක් සකස් කර ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කර තිබේ.

තවද අමාත්‍යවරයා සදහන් කළේ මින් කිසිදු ලෙසකින් හෝ මත්තල ගුවන්තොටුපොළ පෞද්ගලීකකරණය කිරීමට කටයුතු නොකරන බවයි.

ඒ වගේම මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් ක‍ර ඇත.

 ඒ වගේම එතුමා සදහන් කළේ ඉන් ඉන් අනතුරුව ගුවන්තොටුපොළ වෙනුවෙන් අභිලාෂ කැඳවීමට කටයුතු බවයි.

ශීත සෘතුවේ මත්තලට එන පළමු ගුවන් යානය අද

ශීත සෘතුවේ මත්තලට එන පළමු ගුවන් යානය අද

තවද මේ වන විට මත්තල ගුවන්තොටුපොළ සමග ව්‍යාපාර පවත්වාගෙන යෑම සදහා පෞද්ගලික සමාගම් තුනක් කැමැත්ත පලකර තිබෙන බවත් සදහන් වේ.

ඒ වගේම මෙම වැඩපිළිවෙළ තුළින් ගුවන් යානා අලුත්වැඩියාව,පුහුණු කටයුතු සහ ඉන්ධන සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් ආයෝජන අවස්ථා විවර කිරීමට බලාපොරොත්තු වෙයි .

පොලිස් නිලධාරීන් කරන වැරදි හදන්න පොලිස් කොමිසමෙන් වැඩපිළිවලක්

පොලිස් නිලධාරීන් කරන වැරදි හදන්න පොලිස් කොමිසමෙන් වැඩපිළිවලක්