පොලිස් නිලධාරීන් කරන වැරදි හදන්න පොලිස් කොමිසමෙන් වැඩපිළිවලක්
පොලිස් නිලධාරීන් විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ රට පුරා දැනුවත් කිරීම් රැසක් පැවැත්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු කර ඇත.
ඒ අනුව පොලිස් නිළධාරීන් විසින් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය, සැකකරුවකුට ඇති අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස දන්වමින් චක්‍රලේඛ රැසක්ද නිකුත් කිරීමට ද කටයුතු කර තිබේ.
තවද පසුගිය කාලයේදී අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද වධහිංසා පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු තීන්දු දීමේදී පොලිස් කොමිෂන් සභාවේ කටයුතු සම්බන්ධවද අවධානය යොමු කර ඇත.
ඒ වගේම ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස් කොට්ඨාස ඉලක්ක කරගනිමින් මේ දැනුවත් කිරීම් සිදු කිරීමට කටයුතු කරමින් තිබේ ඒ වගේම්ස් කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර ඇතුළු දිස්ත්‍රික් ගණනාවක් මේ වන විට ආවරණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇති බව සදහන් වේ .
පොලිස් කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් පිළිබඳ විශේෂ දේශන පැවැත්වීම වගේම , මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඔවුන්ගේ රාජකාරි කටයුතුවලට මෙන්ම උසස්වීම් ඇතුළු සියල්ලට බලපාන ආකාරය පැහැදිළි කර දෙන බවයි.