ශ්‍රී ලංකාවේ ආගම් ගැන ඇමෙරිකානු රජයට යෝජනාවක්.. ගැටළුවක් මතු වේවිද?

Report

ශ්‍රී ලංකාවේ ආගමික නිදහස් වාතාවරණය යම්කිසි මට්ටමකින් අඩුවී ඇති බැවින්, ශ්‍රී ලංකාව විශේෂිත නිරීක්ෂණ ලැයිස්තුවකට (special watch list) ඇතුළත් කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසම ඇමරිකානු රජයට යෝජනා කර ඇතැයි වාර්තා වනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසම ඉකුත් වසරේ (2024) නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආගමික නිදහස් වාතාවරණය යම්කිසි මට්ටමකින් අඩුවී තිබෙන බවයි.

අද ඔබව පිච්චිලා යයි...එලියට බහින්නේ පරිස්සමට

අද ඔබව පිච්චිලා යයි...එලියට බහින්නේ පරිස්සමට


මෙරට ආගමික නිදහස් වාතාවරණය අඩුවීම සම්බන්ධව නිරීක්ෂණය කරන ලෙස එම කොමිසම විසින් එරට පාර්ලිමේන්තුවට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කර ඇත.

එමෙන්ම, මෙම කරුණු සම්බන්ධව සහ මෙරට පවතින ආගමික භූමි සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ශ්‍රී ලංකාවේ බුද්ධශාසන දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන ලෙසද නිර්දේශ කර ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී පනතේ පවතින ගැටලු ඇත්නම් ඒවා විසඳන ලෙසත්, ත්‍රස්තවාදය හැඳින්වීමේ නීතිමය රාමුව නිවැරැදිව නිර්ණය කරන ලෙසද කොමිසම විසින් දැනුම්දී ඇත.

මුලු රටම සෙවූ සෙව්වන්දි අනුරාධපුර දී මාට්ටු වුනත් පොලිසියට වැරදුණු කුරුමානම

මුලු රටම සෙවූ සෙව්වන්දි අනුරාධපුර දී මාට්ටු වුනත් පොලිසියට වැරදුණු කුරුමානම

එමෙන්ම අදාළ නිර්දේශයන්හි ඇතුළත්ව ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජාතිකත්ව සංවිධාන විසින් මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කරගෙන සිදුකරනු ලබන ක්‍රියාකාරකම් සම්බන්ධව ද සොයා බලන ලෙසයි.