ලබන වසරේ අප්‍රේල් මාසයේ රජය පනවන්න යන නව දේපොළ බද්දේ වෙනසක්. මෙන්න ලැබුණු අලුත්ම ආරංචිය.
2025 වර්ෂය වනවිට දේපොළ බද්දක් රට තුළ ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරන බව වාර්තා වුණා.
ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.
මේ සම්බන්දයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සඳහන් කර සිටියේ, ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට එම බද්ධ ක්‍රියාත්මක කිරීමට නම් මේ වනවිට සැලසුම් සකස් කළ යුතුව තිබුණ ද එය කර ගැනීමට නොහැකි තත්ත්වයක් හේතුවෙන් ආරෝපිත කුලී ආදායම් බද්ද පැනවීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
දේපොළ බද්දක් රට තුළ ක්‍රියාත්මක වන්නේ නම් අයුතු ආකාරයේ මුදල් ඉපැයීම් සම්බන්ධයෙන් වාර්තා වන බව මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පවසනවා.