හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් CIDයට

Report

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩි තැබීමකදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, හෙට (31) දිනයේදී හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවයි.

දේශබන්දුගේ තනිය මැකෙන්න යන හිටපු ඇමති කව්ද?

දේශබන්දුගේ තනිය මැකෙන්න යන හිටපු ඇමති කව්ද?

ඔහු මෙම සිද්ධියට අදාළ තොරතුරු දන්නා බවට ඇති සැකය මත මෙම කැඳවීම සිදු කර ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.

මේ වන විට මෙම සිද්ධියට සම්බන්ධව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයකට ආසන්නව ඇති වූ වෙඩි තැබීමකදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙකු මිය ගියේය.

දේශබන්දුට ෂොට් එක දුන්නේ අනුරද? සජිත්ද?

දේශබන්දුට ෂොට් එක දුන්නේ අනුරද? සජිත්ද?

එම සිද්ධිය සම්බන්ධයෙන් එවකට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කර තිබුණි.