වසරකට හාල් කිලෝ 150ක්...ජනවාරි පළමු වනදා සිට මේ දේ තහනම්..

World Health Organization Ministry of Health Sri Lanka Junk Food Office of Public Health
By Sewvandhi Aug 01, 2024 10:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, 2025 ජනවාරි 01 වැනිදා සිට ආහාර වෙළඳ දැන්වීම්වලට ළඳරුවන්, කුඩා ළමයින්, අවුරුදු 12ට අඩු ළමුන්, ගැමිණි මව්වවරුන්, කිරිදෙන මව්වවරුන් පෙනීසිටින දැන්වීම් පළකිරීමට තහනම් බවයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශකර සිටියේ .

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජය අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍යවරයා එහිදී පවසා සිටියේ, ආහාරවලින් ඇතැම් ලෙඩ රෝග සුව කළ හැකි බවට ගෙන යන ප්‍රචාර වැරදි සහගත බවයි.

ඔහු පෙන්වා දෙන්නේ, පුද්ගලයෙක් වසරකට සහල් කිලෝ 150කට වැඩියෙන් ආහාරයට ගන්නා බවත් , සතියට කිලෝග්‍රෑම් 2.8ක් අනුභව කරන බවත් එයත් සමඟ ලබා ගන්නා අර්තාපල් ,ඉරිඟු වැනි ආහාර නිසා කාබෝහයිඩ්‍රේඩ් ප්‍රමාණය වැඩි වෙන බවයි.

ලබා ගන්නා ආහාර විවිධාංගීකරණය විය යුතු බවත් ජාතියක් ලෙස අප ගන්නා බත් ප්‍රමාණය වැඩි අතර මෙය වෙනස් කිරීමට, ගන්නා ශක්ති ප්‍රමාණයෙන් කොටසක් මස් මාංශ පිණිස වෙන් කිරීම උචිත බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ

ඝාතනයට පළිගන්න ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්නයි දැඩි නියෝගයක්..!

ඝාතනයට පළිගන්න ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්නයි දැඩි නියෝගයක්..!

ReeCha