මාසෙකට කෝටියක් හොයන අන්තරේ කැට හෙල්ලිල්ල ගැන මහාචාර්යවරයෙක් කට අරී!
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරකම් නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනයට බරපතළ බාධා එල්ල වී ඇතැයි මහාචාර්ය සුජීව අමරසේන පවසයි.
Talk with Chatura යූටියුබ් වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළ අදහස් මෙසේය.
මහාචාර්ය සුජීව අමරසේන තවදුරටත් ප්‍රකාශ කළේ;
නවක ශිෂ්‍යයින් පෙළපාළි හෝ පිකටින්වලට යන විට, මාධ්‍ය ඔවුන්ගෙන් ඉල්ලීම් ගැන විමසනවා. නමුත් ඔවුන්ට ඒ ගැන කිසිවක් කියන්න දන්නේ නැහැ. ඔවුන් බලහත්කාරයෙන් ඒවාට යොදවලා තියෙන්නේ. තවත් කරුණක් නම්, දේශපාලන පක්ෂ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට අවශ්‍ය මුදල් උපයන්නේ මේ ශිෂ්‍යයින් යොදාගෙනයි. මාසයකට වරක්වත් ඔවුන්ව ලංකාව පුරා කැට එකතු කිරීමට යවනවා. ළමුන් 10-15ක කණ්ඩායමකට ටින් බැගින් දීලා, දකුණේ අඟුණකොළපැලැස්ස, වළස්මුල්ල, බෙලිඅත්ත, තංගල්ල, ඇල්පිටිය, බලපිටිය, අම්බළන්ගොඩ, බද්දේගම වැනි කුඩා නගරවලට යවනවා. එක් කැටයකින් රුපියල් දහස් ගණනක් එකතු වෙනවා.
ඔවුන්ට ඉලක්කයක් තිබෙනවා. එකතු වන මුදල ඔවුන් දන්නවා. සාමාන්‍යයෙන් එක් නගරයකින් රුපියල් ලක්ෂ 2-3ක් එකතු කරනවා. ලංකාව පුරා මිලියන 10කට වැඩි මුදලක් එකතු වෙනවා. මේ මුදලින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයත්, ඔවුන්ගේ පවුල්වලත් වියදම් සපුරනවා. බස් ගාස්තු, සමහර විට අරක්කු ගන්නත් මේ මුදල් යොදා ගන්නවා. මේ ව්‍යාපාරය මේ මුදල්වලින් තමයි පවත්වාගෙන යන්නේ. ඒ නිසාම මේ ක්‍රමය අඛණ්ඩව කරගෙන යනවා.
මේක විශාල ගැටලුවක් වන්නේ පළමු වසරේදී. මොකද, පළමු වසරේදී ශිෂ්‍යයින්ට ඉංග්‍රීසි, පරිගණක සාක්ෂරතාව සහ පාඨමාලාවට අවශ්‍ය පදනම ලබාදෙනවා. නමුත් මේ ක්‍රියාකාරකම් මේ සියල්ල විනාශ කරනවා. ළමයින්ට ඉංග්‍රීසි ඉගෙනීමට ඉඩක් නැහැ, රැකියා අවස්ථා අහිමි වෙනවා. පළමු වසරේ විභාගවල ප්‍රතිඵල අඩුවීම නිසා GPA (ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ්) අඩු වෙනවා. රාත්‍රියේ දේශපාලන පන්ති පවත්වන නිසා පාඩම් කිරීමට ඉඩක් නැහැ. මේ ක්‍රමය දශක ගණනාවක් තිස්සේ පවතිනවා. පක්ෂ පමණක් මාරු වුණා. මේක නතර කරන තුරු ශිෂ්‍යයින්ගේ අනාගතයට බලපෑමක් ඇති වෙනවා.
