සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය රටපුරා විරෝධතාවයේ

By Gagana News Feb 27, 2025 11:04 AM GMT
Report

අයවැය මගින් සෞඛ්‍ය වෘත්තීවේදීන්ට සිදුකරන ලද කප්පාදුවලට එරෙහිව, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් අද (27) දහවල් රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණ.

සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය හා හෙද සේවා කාර්යමණ්ඩලය, අද දීන දහවල් 12ට සේවාව පවත්වා ගනිමින් රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් හා කලුපටි බඳිමින් රජයට විරෝධය පළකරන ලදී. ඒ, මුලික කරුණු තුනක් අවධාරණය කරමිනි.

ගනේමුල්ල සංජීවගේ ඝාතනයට නිලධාරීන් 20කගේ ජංගම දුරකතන CID භාරයට

ගනේමුල්ල සංජීවගේ ඝාතනයට නිලධාරීන් 20කගේ ජංගම දුරකතන CID භාරයට

එනම්, 1.⁠ ⁠අයවැයෙන් කප්පාදුකල විස්සෙන් එකේ දීමනාව, නැවත ස්ථාපිත කරණු! 2.⁠ ⁠අය වැයෙන් කප්පාදු කල එකසිය හැටෙන් එකේ අතිකාල අනුපාතය නැවත ලබා දෙනු ! 3.⁠ ⁠

අහෝසිකල කළමණාකරණ පුහුණුව යලි ස්ථාපිත කරණු ! ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය ඇමතිවරයා ඉල්ලා සිටි සතියක කාලය ලබා දෙමින් ලබන තුන් වෙනිදා තෙක් වර්ජනයකින් තොර විරෝධතාවයන් පවත්වන අතර විසඳුමක් ලබා දීමට අපොහොසත් වුවහොත් ඉදිරි සතියේ සංකේත වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ඒකමතිකව තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය දැනුම් දී සිටියි.