ගනේමුල්ල සංජීවගේ ඝාතනයට නිලධාරීන් 20කගේ ජංගම දුරකතන CID භාරයට

Report

ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එදින අධිකරණයේ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 දෙනෙකුගේ පමණ ජංගම දුරකතන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 30 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය පසුගියදා කටයුතු කර තිබුණා.

ගණේමුල්ල සංජීව ඝාතනයේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම දෙවන දිනටත්

ගණේමුල්ල සංජීව ඝාතනයේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම දෙවන දිනටත්

ඒ අනුවයි ඊට අදාල විමර්ශන සිදු කිරීම සදහා ඔවුන්ගේ ජංගම දුරකතන එම කොට්ඨාසයට ගෙන ඇත්තේ. ඝාතන සිද්ධියට අදාළව බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරි, ගාමිණි බී දිසානායක ප්‍රකාශ කළා.

මේ අතර, ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මීගමුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයා මෙම ඝාතන සැලසුම සම්බන්ධයෙන් පෙර සිටම දැනුවත්ව සිටි බවට විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

ඔහු දැනට අතුරුදන්ව සිටින සැලසුමේ මහ මොළකරු ලෙස හැදින්වෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව සමඟ සම්බන්ධතා පවත්වා තිබීම හේතුවෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේ වෙතත් සිද්ධියට අදාළව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සදහා සොයන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමට තවමත් හැකියාව ලැබී නැහැ. එමෙන්ම, මෙම කාන්තාව දැනට කෙහෙල්බද්දර පද්මේ සමග ඩුබායි හි රැදී සිටින ශාන් අරෝෂ හෙවත් ''මතුගම ශාන්'' ගේ අනුදැනුම මත ඔහුගේ ගෝලයන්ගේ ආරක්ෂාව යටතේ රැදී සිටින බවට විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායම් වෙත තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුවයි පසුගිය දින කිහිපය තුළ මතුගම ප්‍රදේශයේ මතුගම ශාන්ට අයත් සහ සැකකටයුතු වෙනත් ලැගුම්හල් ඇතුලු ස්ථාන පරීක්ෂාවට ලක්කර තිබුණේ.