හිටපු ඇමති ප්‍රියංකරගේ නඩුවක සාක්ෂි විභාගයට දින දෙයි
දූෂණ චෝදනාවක් මත හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරුට සාක්ෂි දීම සඳහා මාර්තු මස 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කර ඇත.
ඉන් අනතුරුව සාක්ෂි විභාගය මාර්තු 24 වනදා කැඳවීමට දින නියම කර තිබේ.
2014 වසරේ මැයි දින පෙළපාළියට සහභාගි වන සිය ආධාරකරුවන්ට දිවා ආහාරය ලබාදෙන ලෙස විත්තිකාර හිටපු අමාත්‍යවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගම විසින් එම සමාගමට අයත් රුපියල් තුන් ලක්ෂ විසි දහසක මුදලක් මුදා හැරීම තුළින් රජයට පාඩු සිදු කර දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ .