ලංගම කවදාවත් ගොඩ එන්නෙ නෑ..මේක ජාතික අපරාධයක් - අලුතින් එන්න යන බස් 600 ගැන සතුටු වුණ අයට අනතුරු ඇඟවීමක් [VIDEO]
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 600ක් හඳුන්වා දීමට රජය ගෙන ඇති බවට වාර්තා වන සැලැස්ම, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විවේචනය කර ඇත්තේ එම පියවර පෞද්ගලික බස් කර්මාන්තයට තවදුරටත් හානි කළ හැකි “ජාතික අපරාධයක්” වශයෙන් හඳුන්වමින්.
ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ 6,000ක් හෝ ලැබීම ගැන පෞද්ගලික බස් රථ හිමියන්ට විරුද්ධත්වයක් නොමැති බව සඳහන් කළත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විමසා සිටියේ බස් රථ එකතු කිරීමෙන් පමණක් රාජ්‍ය ප්‍රවාහන සේවයේ මූල්‍ය හා මෙහෙයුම් ගැටලු විසඳෙනු ඇත්ද යනුවෙන්.
එසේම ඔහු, "බස් 600ක් ගෙනාවත් බස් 6,000ක් ගෙනාවත් අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් තවත් බස් රථ ගෙනාවට විතරක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කවදාවත් ගොඩ එන්නෙ නෑ," යනුවෙන් සඳහන් කළා.
ඊට අමතරව පෞද්ගලික බස් රථ පොදු ප්‍රවාහන මගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රවාහනය කරන බව කියා සිටි ඔහු නිසි ශක්‍යතා තක්සේරුවකින් තොරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පුළුල් කිරීම පෞද්ගලික ක්‍රියාකරුවන්ට අහිතකර ලෙස බලපෑ හැකි බවට ද අනතුරු ඇඟවුවා.
මේ අතර 2025 දී දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 47 ක වියදමක් දැරූ අතර, රුපියල් බිලියන 17 ක ආදායමක් වාර්තා කළ බවට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන උපුටා දක්වමින්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දිනකට රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් අහිමි වන බවට ද විජේරත්න මහතා චෝදනා කළා.
ඒ අනුව රාජ්‍ය ප්‍රවාහනයේ අකාර්යක්ෂමතා විසඳීමට රජයෙන් ඉල්ලා සිටි ඔහු, අතිරේක බස් රථ මිලදී ගැනීම පමණක් නොව, බස් සේවා පුළුල් කිරීම සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සංගමය සලකා බලමින් සිටින බව ද ප්‍රකාශ කළා.
ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද සතුට සැනසුම ඉතිරෙන සුබම සුබ දවසක් - අද ලංකාවම හොයපු දවසේ ලග්න පලාපල මෙන්න
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,