වෙනස්කම් වලට එරෙහි ශිෂ්‍යයන් නිසා රැදවියන් 209ක් පැන ගිහින්..
බංග්ලාදේශයේ පසුගියදා උද්ගත වූ විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර එරට ගාසිපූර් නුවර කාෂිම්පූර් අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියන් 209 දෙනකු පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔවුන් පලා ගොස් ඇත්තේ බන්ධනාගාර නියාමක නිලධාරීන් කිහිපදෙනකුද ප්‍රාණ ඇපයට ගෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගිය අඟහරුවාදා මේ සිදුවීම වී ඇති අතර, ඒ වනවිටත් අගමැතිනිය ශෙයික් හසීනා ධුරයෙන් ඉවත්වී ඉන්දියාවට ගොස් සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. රැඳවියන් පලා ගොස් ඇත්තේ බන්ධනාගාරය ඉදිරිපිට රැස්වූ මැර කල්ලි කිහිපයක් විරෝධතාවක් සිදු කළ අතරතුරදී බවත්, විරෝධතාව පිළිබඳ තොරතුරු ප්‍රචාරය වීමෙන් පසු එම බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන්ගේ මාපියන් ඇතුළු ඥාතින් ද එම ස්ථානයට රැස්වී ඇතැයි ද, තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් අසමත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉනිමං භාවිත කරමින් බන්ධනාගාරයේ උස් තාප්පවලින් පැන ගිය රැඳවියන් වැළැක්විමට උත්සාහ කිරිමේදී බන්ධනාගාර නිලධාරීන් තැබූ වෙඩි පහරවලින් රැඳවියන් තිදෙනකු සහ එම විරෝධතාව පාලනය කිරීමට පැමිණ සිටි හමුදා සෙබළුන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
