"ලෑලි දොරත් කැඩුවා නම් වෙන දේ හිතාගන්න බෑ" - වෙඩි තැබීමට හේතුව බන්ධනාගාර ප්‍රධානියා හෙලි කරයි
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්, මීගමුව බන්ධනාගාරයේ ඊයේ (06) ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කරුණු පැහැදිලි කළේය.
එහිදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, සිද්ධිය ඇති වූ අවස්ථාවේදී රැඳවියන් බන්ධනාගාරය තුළ තිබූ පළමු ආරක්ෂක යකඩ දොර කඩා දමා ඉදිරියට පැමිණ ලෑලි දොර ආසන්නයට පැමිණ තිබූ බවයි.
එම ලෑලි දොරද කඩා බිඳ දමා රැඳවියන් පිටතට පැමිණියහොත් තත්ත්වය පාලනය කිරීම අපහසු වන බවත්, එම අවස්ථාවේදී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට සිදුවූ බවත් ඔහු පැවසීය. යකඩ දොර කඩා ඉදිරියට පැමිණි රැඳවියන් එම ස්ථානයේ සිටි බන්ධනාගාර නිලධාරීන්ට පහරදීමක් සිදුකර ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට පැමිණ පලා යාම වැළැක්වීම සඳහා එම අවස්ථාවේ ගත හැකි එකම ක්‍රියාමාර්ගය ලෙස ආරක්ෂක අංශ වෙඩි තැබීම සිදුකළ බවද ඔහු පැහැදිලි කළේය.
ඒක සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක් 40ක් මැරුණානම් මෘත දේහ තියෙන්න එපැයි - බන්ධනාගාරයේ 40ක් මැරුණ කතාවේ ඇත්ත නැත්ත නලින්ද එළි කරයි
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.
"බන්ධනාගාර පරිශ්‍රය අනුව බන්ධනාගාරවල ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා ඉස්සෙල්ලාම තියෙන්නේ යකඩ දොර, ඊට පස්සේ තමයි තියෙන්නේ ලෑලි දොර මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන ඇවිල්ලා තිබෙන්නේ ලෑලි දොර දෙසට.මේ ලෑලි දොරයි යකඩ දොරයි අතර තිබෙන්නේ වටිනා උපකරණ. මේ රැඳවියන් යකඩ දොර කඩාගෙන මේ ලෑලි දොරත් කඩාගෙන එළියට ආවානම් වෙන විනාශය මට තක්සේරුවක් දෙන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ බන්ධනාගාර නිලධාරීන් මේ විදිහට කටයුතු කළේ නැත්නම් තමන්ගේ ජීවිතය පරදුවට තියලා මේක තක්සේරු කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. බන්ධනාගාර නිලධාරීන් ඒ විදිහට කටයුතු කළේ නැත්නම් ලොකු විනාශයක් වෙන්න පුළුවන්.සිදුවීම් ඔක්කොම වෙලා ඉවර වෙලා තිබුණ සිදුවීමක් මේක යකඩ දොරත් කඩාගෙන ලෑලි දොර ගාවට ඇවිල්ලා ඉවරයි. ඒ වෙනකොටත් අපේ බන්ධනාගාර නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඇතුළේ රැඳවියන් අතර හිරවෙලා, ඔවුන්ට පහර දෙනවා. ඔවුන් ඒ පරිශ්‍රයට ප්‍රවේශ වුණේ අර රැඳවියන් අතර තියෙන ඝට්ටනය වළක්වලා ඔවුන් බේර ගන්න.ඒ නිලධාරිනුත් ඇතුළේ කොටුවෙලා. රැඳවියෝ ඒ වෙලාවේ තමයි යකඩ දොර කඩාගෙන එළියට ඇවිල්ලා තියෙන්නේ. මේ තත්ත්වය පාලනය කරන්න තමයි නිලධාරීන් ඒ ලෑලි දොරින් වෙඩි තැබීම කළේ."