දරුවන්ගේ කෑම සල්ලි හොරා කාලා පාටි දැම්ම විදුහල්පතිනියට වැඩ වරදී
පාසල් දරුවන්ගේ ආහර දිමනා මුදල් වංචා කොට එම මුදලින් සිය සැමියාගේ උපන් දින සාදය පැවැත්වු බවට මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකට විරුද්ධව එල්ලවු සියළු චෝදනා තහවුරු වූ බව උතුරු මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතා සදහන් කර තිබේ.
මෙම විදුහල්පතිවරියට චෝදනා එල්ල වි තිබුණේ සිය පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසුන්ට රජයෙන් ලබාදෙන දිවා ආහරය ලබානොදි එම මුදල් වංචා කොට පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 05 වැනි දිනට යෙදි තිබු තම සැමියාගේ උපන් දිනයට වැය කොට තිබු බවටයි.
තවද එම පාසලේ පාසල් සංවර්ධන සමිතියේ නිලධාරින් හා පාසල් දරුවන්ගේ මාපියන් මේ සම්බන්ධයෙන් කලාප හා පළාත් අධ්‍යාපන බලධාරින්ට ලිඛිතව සිදුකළ පැමිණිලි මත මේ සම්බන්ධයෙන් බලධාරින් පරික්ෂණයක් පවත්වා ඇත.
එලෙස දරුවන්ට මෙදින ආහාර පාසලින් නොසපයන බැවින් නිවසින් ලබාදෙන ලෙසට මාපියන්ට දැණුම්දි පාසලින් දරුවන්ට ආහාර ලබාදුන් බවට ව්‍යාජ වවුචර්පත් සකස් කොට මුදල් වංචාකර ඇති බවට සිදුකළ බවයි.
මේ ආකාරයෙන් මාපියන් සිදුකළ පැමිණිල්ලේ සදහන් වෙන්නේ මෙම විදුහල්පතිනිය වංචාකළ මුදලින් පාසල් දරුවන්ට ආහාර සපයන සැපයුම්කරු ලවා සැමියාගේ උපන් දින සාදයට කිරිබත්,කොකිස්,කට්ටලට් හා කඩල පිසා ගෙන තිබු බවයි.
තවද උතුරු මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතා සදහන් කළේ චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශණ කාලයේදී චෝදනාවට ලක්ව සිටි විදුහල්පතිනිය අධ්‍යාපන පරිපාලන විභාගයෙන් සමත්ව පරිපාලන නිලධාරිණියක් ලෙසට පත්විමට සුදුසුකම් ලබා තිබුණත් විෂමාචාර ක්‍රියාවක නිරතවිමේ හේතුවෙන් එම පත්වීම අත්හිටුවිමට පියවර ගෙන තිබෙන බවයි.