අගමැතිනියගේ වෙසක් දින පණිවිඩය
වෙසක් පුන් පොහෝදා වෙනුවෙන් අගමැතිනිය හරිනි අමරසුරිය ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එම වෙසක් දිනපණිවිඩය මඟින් අගමැතිනිය රට නිවැරදි පරිවර්තනයකට යොමුකරමින් සිටින අවස්ථාවක මානව සිත්සතන් සුවපත් කිරීම සඳහා වෙසක් කාලය වඩාත් සුදුසු බවට විශ්වාස කරන බව පවසනවා.
ඒ සඳහා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැදගැනීමට සියලුමදෙනා හට ආරාධනා කරන බවයි සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් ඇය පෙන්වාදුන්නේ.
සිය නිවේදනයෙන් අගමැතිනිය පෙන්වා දෙන්නේ මේ වනවිට ඇතැම් රටවල පවතින යුද ගිනිදැල් නිවී සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත්වීමේ භාග්‍යය උදාවීම මෙරට සමස්ත රටවැසියන්ගේ මෙන්ම තමන්ගේ ද අපේක්ෂාව බවයි.