ඖෂධ 350ක මිල අඩු කෙරේ

Report

ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසින් ඖෂධ වර්ග 350ක උපරිම සිල්ලර මිල ඊයේ (17) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇති බවත්, නියම කළ මිලට වඩා වැඩි මිලට ඖෂධ අලෙවි කරන ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බවත් අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කළේය.

මේ වනවිට ඖෂධ මිල අඩුවීම සම්බන්ධයෙන් ඖෂධ සැපැයුම්කරුවන්ට දැනුම් දී ඇති බවත් ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල අඩුවිය යුතු බවද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.

මරණ දඬුවම නිඋයමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මරණ දඬුවම නිඋයමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මේ වනවිට නියම කරන ලද උපරිම සිල්ලර මිලට සහ ඊට අඩුවෙන් ඖෂධ අලෙවි කිරීම ඖෂධහල් විසින් සිදුකරනු ලබන බවත් එම කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අධීක්ෂණය කරනු ලබන බවත් සභාපතිවරයා කීය.

ඖෂධ මිල අඩුකිරීම යටතේ ළමා රෝග සඳහා භාවිත කරනු ලබන ඖෂධ, දීර්ඝ කාලීන රෝග සඳහා භාවිත කරනු ලබන ඖෂධ, පිළිකා ඖෂධ සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව ඔහු කීය.

ඒ අනුව පිළිකා සඳහා භාවිත කළ රුපියල් 42,000 කට තිබු නික්ෂේපන ඖෂධ මේ වනවිට රුපියල් 26332 ක් දක්වා අඩුවී ඇත.   එසේම රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ බොහෝමයක ඖෂධ මිල ගණන් අඩුවී ඇති නිසා රෝගීන්ද ඒ පිළිබඳ අවධානයෙන් ඖෂධ මිලදී ගන්නා ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුම්දීමක් කරයි.

මීටියාගොඩ වෙඩිතැබීම - සැකකරුවන්ගේ යතුරුපැදිය බද්දේගමදී සොයාගැනේ

මීටියාගොඩ වෙඩිතැබීම - සැකකරුවන්ගේ යතුරුපැදිය බද්දේගමදී සොයාගැනේ

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය